ඉන්දු - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂවරු බෙන්තොටදී හමුවෙති


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දු - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 38 වෙනි සැසිවාරය බෙන්තොට දී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් භග්ලේ මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය පැවැත්වූහ

ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් දෙරටේ රජයන් ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් මත 1998 වසරේ දෙසැම්බර් 28 වැනිදා ඉන්දු - ශ්‍රී ලංකා පදනම පිහිටුවන ලදි.

කලාව හා සංස්කෘතිය, අධ්‍යාපනය, කෘෂිකර්මය, පර්යේෂණ, විද්‍යාව සහ තාක්ෂණය, සෞඛ්‍ය, සමාජ සේවා, සංවර්ධන අධ්‍යයනය සහ සංචාරක යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අයදුම්කරුවන්ගෙන් ව්‍යාපෘති යෝජනා 98 ක් මෙවර සැසිවාරයේදී සළකා බැලීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා පදනමට ලැබී ඇත.

ඉන් අනුමත කරනු ලබන ව්‍යාපෘති යෝජනා ඉදිරි සති වලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.